Sunday, May 5, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ තීරණයට එරෙහිවූ මන්ත්‍රීවරුන් දෙදෙනා ගැන තීරණයක් ගනියි




රාජ්‍ය අමාත්‍ය ධූර ලබා ගත් ශාන්ත බණ්ඩාරගේ සහ සුරේන් රාඝවන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.  ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි. මේ, පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ අන්තර්වාර ආණ්ඩුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බවයි. 

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120ක් මේ වන විට වත්මන් ආණ්ඩුව ඉවත් විය යුතුය යන ස්ථාවරය දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ.