Sunday, May 5, 2024

General line - 0115112241

අන්තරේ භික්ෂූන් වහන්සේ ජනපති මන්දිරයට ඇතුළුවීමට තැත් කිරීමෙන් උණුසුම් තත්ත්වයක්




අනතර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ පිරිසක් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළුවීමට යාමේදී අද එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. විරෝධතා පාගමනකින් පැමිණි භික්ෂූන් වහන්සේ පිරිසක් මහ බැංකුව ඉදිරිපස ඇති ගේට්ටුව විවෘත කර ගෙන කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සහ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ එම ස්ථානයට කැඳවීමට ද සිදුවුණා. එහිදී ඇතිවුණේ මෙවන් උණුසුම් තත්ත්වයක්. 

මේ අතර ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන ජනඅරගලය අද 25 වන දිනටත් පැවැත්වුණා.