Wednesday, May 8, 2024

General line - 0115112241

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්




අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අද දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ, සිය දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් එක්දින සේවාවේ ද ප්‍රමාදයක් ඇතිවිය හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.