Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් වැසි




බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. 

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.