Wednesday, May 8, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක ඉල්ලා අස්වීම ජනපති පිළිගනී - ඡන්දය හෙට




නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. 

තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වුණේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී විමසා සිටියා. ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ද ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කර ඇත්තේ තමන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා ස්ථාවර නියෝග අත්හිටුවා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. 

එහෙත් ඊට සෙසු පක්ෂ නායකයින් එකඟවී නැහැ. එම විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ යුතු බවයි ඔවුන් පවසා ඇත්තේ.