Monday, May 6, 2024

General line - 0115112241

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී




හෙට මධ්‍යම රාත්‍රිී 12හේ සිට එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සංධානය පවසනවා. අනිද්දා දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් දුම්රිය වැඩවර්ජනය සිදුකරන බවයි එම සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.

අනිද්දා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය ද සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අද ප්‍රකාශ කළා. ඒ, විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පැවසුවේ අනිද්දා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට තමන් ද සහය දක්වන බවයි. මේ හේතුවෙන් පිළිකා, මාතෘ සහ ළමා රෝහල් හැර අනෙකුත් සියලු රෝහල් හා කාර්යාලවල සේවයේ නියුතු සිය සංගමයේ සියලු වෛද්‍යවරුන් එදින වැඩවර්ජ