Monday, April 29, 2024

General line - 0115112241

ගිනිගත් කොළඹ සන්සුන් - අරගලකරුවන් යළි කඳවුරු බඳී




ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන තිබූ කොළඹ නගරයේ මේවනවිට  සාමකාමී වාතාවරණයක් දක්නට ලැබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද මේවනවිට සාමකාමී වාතාවරණයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ නගරයේ වෙනදාමෙන් කලබලකාරී ස්වභාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකාරිණී සප්නා කාවින්දිගෙන්. 

දිවයිනේ ප්‍රධාන නගර මෙන්ම මංමාවත් ද මේවනවිට පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගෙන්. 

මාතර සහ අවට ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද. 

මහනුවර නගරයේ පවතින තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද මේවනවිට සාමකාමී තත්ත්වයක් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු එම් එම් පී ජී පෙරේරා පැවසුවා. 

 

ගාලුමුවදොර ජන අරගලය 32 වන දිනටත් මේවනවිට ක්‍රියාත්මක වනවා. ඊයේ දිනයේදී ප්‍රහාරයකට ලක්වූ අරගල භූමියේ මේවනවිට දක්නට ලැබෙන්නේ සාමන්‍ය ස්වභාවයක්. 

පහරදීමට පැමිණි පිරිස් විනාශ කර දැමූ මාධ්‍ය මධ්‍යස්ථානය, පුස්තකාලය, එලිමහන් රංග පීඨය ඇතුළු සියලු තාවකාලික ඉදිකිරීම් මේවනවිට යළි සකස් කර තිබෙනවා. විවිධ සටන්පාඨ කියමින් අරගලකරුවන් විරෝධතා දැක්වූයේ මෙලෙසයි.