Monday, April 29, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය ගැන විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් - මහ බැංකු අධිපතිත් එක්වෙයි




ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටළු සම්බන්ධයෙන් අද දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

එම සාකච්ජාව සඳහා සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, එරන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් එක්ව සිටියා. 

මෙහිදී පැය 03කට අධික කාලයක් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

තත්ත්වය සිතුවාට වඩා භයානක බවත්, රටේ මේ වන විට මුදල් හෝ ඩොලර් සංචිත නොමැති බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම ඕනෑම කෙනෙකුට දැරිය නොහැකි දැවැන්ත අභියෝගයක් වනු ඇති බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.