Monday, April 29, 2024

General line - 0115112241

නීතිපතිවරයාගෙන් පොලිස්පතිට විශේෂ ලිපියක්




ගාලු මුවදොර සාමකාමී විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන ලෙස නීතිපති සංජය රාජරත්නම් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම සියලු පාර්ශවයන්ට පැවරෙන බවයි නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ. 

ඒ අනුව එම සිදුවීමට අදාළව කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අද නියෝග කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. 

ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ගාලුමුවදොර ජන අරගල භූමියේ අද පැවැති මාධ්‍ය හමුවකදී නීතීඥවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළා. මේ එම මාධ්‍ය හමුවට එක්වූ නීතීඥ නුවන් බෝපගේ. 

මෙම සිද්ධියට සම්බන්ධ සහ එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් පාර්ශවවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතීඥවරුන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි නීතීඥ සුසන්ත දොඩාවත්ත එහිදී කියා සිටියේ.