Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩත්වය හමුදා මැදිහත්වීමකට ඉඩ සැලසිය හැකි බවට ජවිපෙ අනතුරු අගවයි




ජනතාව තවදුරටත් ප්‍රචණ්ඩත්වයට යොමු වුවහොත් හමුදාමය මැදිහත්වීමක් සිදුකිරීමට රාජපක්ෂවරුන් සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. 

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වෙන තෙක් ජනතා අරගලය සාමකාමීව ක්‍රියාත්මක කළ යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා එහිදී කියා සිටියා.