Sunday, April 28, 2024

General line - 0115112241

බලලෝභී දේශපාලඥයින්ගේ සැලසුමට යට නොවී නිහඩ අරගලකරුවෙකු වන්න ඔබටත් අවස්ථාවක්




බංකොලොත් දේශපාලඥයින් විසින් මේ  වන විට බොරදියේ මාළු බෑමට පටන් ගෙන ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතු බවට විද්වතුන් අවධාරණය කර සිටිනවා.

රටේ පවතින සාමකාමී අරගලයට මිලේච්ජ ලෙස එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් පසු මහජනතාව ගෙන් ලැබුණු ප්‍රති පිළිතුරු සමග පැත්තකට තල්ලු වී සිටින මෙම දේශපාලඥයින් විසින් නැවතත් රට අරාජික කරමින් තමන්ගේ පැත්තට ගොඩ වැඩි කර ගැනීම සඳහා ඉතා නින්දිත සැලසුම් සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී ඇතිවීමට ගිය ජාතිවාදී ගැටුම ද මෙවැනිම දේශපාලඥයෙකු ගේ සැලසුමක් මත ලියවුනු තිර පිටපතක් වන අතර එය ක්‍රියාවට නැංවේමින් තිබියදී ප්‍රදේශයේ ආගමික නායකයින් වහාම මැදිහත් වී ජනතාව සන්සුන් කිරීමෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකිවිය.

ඔබේ ප්‍රදේශයේ මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

පළමුව ඔබගේ ප්‍රදේශයේ ආගමික නායකයින් සමග එකතුවී ප්‍රදේශයේ ජනතාව සහ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම, විවිධ කණ්ඩායම් විසින් සිදුකරනු ලබන උසුගැන්වීම් සහ වැරදි පුවත් වලට හසුනොවිම යන කරුණු මෙහිදී පළමුව ක්‍රියාත්මක කළ යුතු වේ.

දෙවනුව ඔබගේ ප්‍රදේශයට පිටතින් පැමිණ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන කණ්ඩායම් හෝ පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගන්න. මන්ද ඔවුන් වැළැක්වීමට යාමේදී ඔබ පළමුව ඔබගේ ආරක්ෂාව ගැන සිතීම වැදගත්ය. අනෙක් කරුණ නම් කිසිදු දේපළකට හානි කිරීමට, පුද්ගලයින්ට පහරදීමට නොයන්න. හැකි තාක් ඔබ ඔබගේ නිවසට වී සිටින්න.

මන්ද අරගලය සාමකාමිය, ප්‍රචණ්ඩත්වයෙන් අපට ඉතුරු වන්නේ අහිමිවීම්, දුක, වේදනාව පමණක්ය. 

බලලෝභී දේශපාලඥයින් ගේ සැලසුම් වලට නොරැවටී ඔබත් නිහඬවම අරගලයේ නියම කොතස්කරුවකු වන්න.