Monday, April 29, 2024

General line - 0115112241

ජනපති සහ එජාප නායකයා අතර විශේෂ හමුවක්




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නයක් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ අතර අග්‍රාමාත්‍ය තනතුර වෙනුවෙන් ස්වාධින දේශපාලන කණ්ඩායම් 11 විසින් නම් 03ක් යෝජනා කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා.