Monday, April 29, 2024

General line - 0115112241

හරීන් ප්‍රනාන්දු සජබයෙන් ඉවත්වී ස්වාධින වෙයි ?




තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

රටට ඉක්මන් රජයක් අවශ්‍ය බවත් එය ප්‍රමාද කළ නොහැකි බව සඳහන් කර සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමගී ජනබල වේගය පක්ෂය එම කටයුත්ත ප්‍රමාද කරන්නේ නම් තමන් පක්ෂයෙන් ඉවත්වී ස්වාධිනව හිදිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහය දක්වන බවයි කියා සිටියේ.

" අද ජනාධිපතිතුමාව හම්බ වෙන්න අපේ කණ්ඩයමක් යනවා. මේක ඇඳුනා වැඩි. රටේ මේ විදිහේ ප්‍රශ්නයක් තියෙන මොහොතේ අපි යම් කැප කිරීම් කරලා මේක භාර ගන්න ඕන කියන තැනයි මගේ පෞද්ගලික මතය. ජනාධිපතිවරයා යන එක පිළිබඳව වචනයක් එනකම් තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මගේ උත්සහය අනුව මේ රටේ තව විනාඩියක් වත් නාස්ති කරන්න වෙලාවක් නැහැ. එන සුමානය වෙන කොට ඩොලර් මිලියන 85ක් අවශ්‍යයි මේ දැන් තියෙන තත්ත්වය කරන්න. පැය 03ක් විදුලිය කපලා මේ විදිහට තෙල් දෙන්න.

ඒ නිසා මම එදත් කිව්ව විදිහට අපිට යම් තැනකට එන්න වෙනවා. රටේ භිෂණයක් තියෙනවා. මිනිස්සු පාරවල්වල ගහ ගන්නවා, බඩු හොරකම් කරනවා. ඒ සියලු දේ එක්ක යම් කිසි තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් පෞද්ගලික තීරණයක් ගන්න මම සුදානමින් ඉන්නේ.

මමත් ස්වාධින වෙලා එන කණ්ඩායමක් එක්ක මේ රට වෙනුවෙන් වැඩ කරනවා. ආපහු ජන්දය ඉල්ලුවත් එකයි. මගේ ස්ථාවරය අනුව තව පරක්කු වෙන්න බැහැ. මගේ ස්ථාවරය වෙනයි, පක්ෂයේ ස්ථාවරය වෙනයි. මිනිස්සුත් ඉවසුවා ඇති, දේශපාලඥයින් වුනත් ඉවසුවා ඇති. මම මගේ හෘද සාක්ෂියත් එක්ක කටයුතු කරන්න සුදානම්"  හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියා.