Monday, April 29, 2024

General line - 0115112241

නව අගමැති ලෙස "රනිල්" හෙට දිවුරුම් දෙයි




නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිතව බව නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සිංහල, දමිල සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක් ඉදිරිපත්වී ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන පක්ෂ කිහිපයකම නායකයින් වෙත ඉල්ලීම් සිදුකළ ද රටේ පවතින ආර්ථික තත්ත්වය මත ඔවුන් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් නොවූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඔවුන් සමග පැවති සාකච්ජාවේදී රටේ ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනයෙන් ඔවුන් මුදා ගැනීමට තමන්ට සැලසුමක් ඇති බවට රනිල් වික්‍රමසිංහ මහතා සවිස්තරාත්මකව පැහැදිළි කර දී ඇත. 

එහිදී එම මන්ත්‍රීවරුන් හිටපු අගමැතිවරයාගේ විමසා ඇත්තේ රටේ සිදුවූ දුෂණ වංචා සම්බන්ධයෙන් කෙබදු පියවරක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවාද යන්න ගැනයි.

එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සිදුව ඇති බව කියන දුෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු අංශ සම්බන්ධ කරගෙන පිහිටුවනු ලබන කමිටුවක් අනුව ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව නොඅඩුව ලබා දෙන බවයි.

ඒ අනුව මේ වන විට නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇත.