Wednesday, May 8, 2024

General line - 0115112241

මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු යළි රිමාන්ඩ්




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ, ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 4 දෙනා එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ඉකුත් මැයි මස 09 වනදා කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධවයි. 

කෙසේවෙතත් එම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු අධිකරණය අද ඇපමත මුදාහැර තිබෙනවා.