Friday, May 10, 2024

General line - 0115112241

බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි




ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

දේශපාලනය මෙන්ම රාජ්‍ය පාලනය කියන මාතෘකා දෙකක් බවත් තමන් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවුවද, දිගටම දේශපාලනයේ යෙදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තමන් මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව රජයේ කිසිදු තනතුරක් භාර නොගත් බවත්, දැන් තමාගෙන් වැඩක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
 
තමන්ට මුදල් ඇමති තනතුර භාර ගැනීමට අපේක්ෂාවක් නොවූ බවත්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ හැකි දෙය සිදුකළ බවත් ජනතාව බලාපොරොත්තු වූ සිදුකිරීමට නොහැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ.

රටේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතයට තමන්ගේ වගකීමක් නොමැති බව පැවසූ බැසිල් රාජපක්ෂ, විදෙස් සංචිත පහතට වැටුණේ තමන් නිසා නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද වන විට රටට තෙල් සහ පිටි ආදිය ලැබෙන්නේ තමන් ඉන්දියාවට ගොස් ඇතිකර ගත් ගිවිසුම් නිසා බවයි හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑමට පළමුව කටයුතු කළේ තමන් බවද බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ.