Friday, May 10, 2024

General line - 0115112241

ජොන්ස්ටන් ගේ පෙත්සම ගැන නීතිපතිගෙන් ඉල්ලීමක්




තමන් අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද ඉල්ලීමක් කළා.
 
ඒ, මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැදවූ අවස්ථාවේදීයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මෙම ඉල්ලීම කරමින් සදහන් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ වරෙන්තුවක් නිකුත් කළ බවයි. මේ හේතුවෙන් මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව ඔහු සඳහන් කළා.

පෙත්සම සලකා බැලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා