Monday, April 29, 2024

General line - 0115112241

බත්තරමුල්ලේදී අන්තරේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්




අන්තරේ විරෝධතාකරුවන් විසින් අද දහවල් සංවිධානය කර තිබූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

විරෝධතාකරුවන් ඉසුරුපාය ඉදිරිපිට පොලිස් බාධක බිඳ දමමින් ඉසුරුපාය ගේට්ටුව පෙරළාදැමීමට කටයුතු කිරීමත් සමග පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් පැමිණි කාරණය ලිඛිතව හෝ වාචිකව දන්වා නොමැති බවයි. කෙසේවෙතත් සිසුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කර විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් බව එම නිවේදනයේ සඳහන්.