Monday, April 29, 2024

General line - 0115112241

හිටපු අගමැති කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට ඇවිත් කියූ කතාව




අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා වැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එහෙයින් අරගලය තවදුරටත් අහිංසක හා සාමකාමී එකක් නොවන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. 

හිටපු අගමැතිවරයා මෙම අදහස් පළකර සිටියේ අද පාර්ලිමේන්තුව අමතමින් කතා කරමින්.

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා අද පාර්ලිමේන්තුව ඇමැතුවේ හරියටම මාසයකට පසුව වීම විශේෂත්වයකි.

මන්ත්‍රීවරයා ඝාතනය වී මාසයක් පිරෙන අද දින එම ඝාතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද එක අතක කළු පටියක් බැද සිටියා.

අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ජනතාවට යමක් සිදු කිරීමට උපරිමයෙන් උත්සාහ කළ අහිංසක පුද්ගලයකු බවයි මෙහිදී අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ. ඔහු සිය දේශපාලනය තුල කිසිදු ආකාරයක හිංසා මාවතේ ගමන් නොකළ බවයි මෙහිදී සිහිපත් කෙරුනේ.

එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින්ද මෙම ඝාතන නැවැත්වීමට කතා නොකළ බවත් එය හෙළා නොදැක්ක බවයි හිටපු අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.