Monday, April 29, 2024

General line - 0115112241

ලබන සඳුදා රජයේ සේවකයින්ට සහ පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක්




ජුනි 13 වෙනි සඳුදා රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී සිටිනවා.

මේ අතර රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ප්‍රවාහන සේවයේ පවතින ගැටලු හේතුවෙන් මෙලෙස සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.