Monday, April 29, 2024

General line - 0115112241

ලිට්රෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි




ජනතාව තවදුරටත් ගෑස් ලබාගැනීමේ අරමුණින් පෝළිම්වල රැඳී සිටියදී අද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඔහු මෙම ධූරයට පත් කෙරුණේ ඉකුත් අප්‍රේල් 21 වනදායි. ඒ, හිටපු සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. 

ජනතාව ගෑස් ලබාගැනීමේ අරමුණින් දින ගණනාවක් තිස්සේ පෝළිම්වල රැඳී සිටිනවා. ඒ, ගෑස් මෙට්ට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් පෙරේදා දිනය වනවිට මෙරට මුහුදු සීමාවට පවා පැමිණි පසුබිමකයි. 

එහි ගෑස් තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිග මුදල ගෙවා දැමීමට නොහැකිවීම හේතුවෙන්.