Thursday, May 9, 2024

General line - 0115112241

ගුවන් මඟියෙකුගේ ගමන් මල්ලකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සොයා ගනී




කටුනායක ගුවන් තොටුපළේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 305ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපලේ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. 

චෙන්නායි සිට පැමිණ ඇති සැකකරු සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක්.