Friday, May 10, 2024

General line - 0115112241

පුනර්ජනනීය බලශක්තියට ලබන සතියේ සිට ආයෝජකයින්ට අවස්ථාව




පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීම සඳහා දේශිය ආයෝජකයන්ට ලබන සතියේ සිට බලපත්‍ර ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම ආයෝජකයින් විදුලිය උත්පාදනය කිරීම හරහා මණ්ඩලයට වැය වන මුදල අවම කරගත හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

එම ආයෝජකයින් සමඟ සේවය කිරීමට විදුලි බල මණ්ඩලයේ ඉජිනේරුවන් ඇතුළු සේවකයන්ට අවස්ථාව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් අදහස් කළේ.

පුණර්ජනනීය බලශක්තිය මෙරට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුවූ බවයි බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පැවසුවේ. 

මේවනවිට ඉන්ධන දහනයෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 100 කට ආසන්න වන බවත්, ගල්අගුරු යොදා නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 50 ක් වන බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙන්වා දෙනවා.

දැනට පුණර්ජනනීය බලශක්තියෙන් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 17 ක් වුවද, එය රුපියල් 30 කට මිලදී ගත්තද, ශ්‍රී ලංකාවට මේ මොහොතේ වාසිදායක බව බලශක්ති විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.