Thursday, May 9, 2024

General line - 0115112241

ගුණාත්මක සේවයක් සහ තෘප්තිමත් සේවකයෙක් වෙනුවෙන් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන්න - ජනපති




ගුණාත්මක සේවයක් සහ තෘප්තිමත් සේවකයෙක් වෙනුවෙන් රාජ්‍ය සේවය පිලිබද විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඵ්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිලිබද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. 

අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවයි ඵහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

සිකුරාදා දින රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ ප්‍රදේශවල ගෙවතු වගා සදහා යොමු කිරීමේ තීරණයට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඵහිදී සදහන් කළේ. 

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඵ්කාබද්ධව සංවිධාන කරන ඵක්ව වවමු - රට දිනවමු ජාතික ආහාර සුරක්ෂිත වැඩසටහන පිලිබදවද ඵහිදී අදහස් පලවුණා. මේ ඵ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ.

කෘෂිකර්මාන්තයේදී තරුණයින්ට ප්‍රමුඛතාව ලබා දී වඩා වැඩි ඵලදායිතාවයක් ලගා කර ගැනීමට සහ නව තාක්ෂණය භාවිත කරමින් ඉහල අස්වැන්නක් සදහා සැලසුම් සකස් කිරීමටද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.