Sunday, April 28, 2024

General line - 0115112241

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්ට රෝගී තත්ත්වයක්




ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් අංශභාග රෝගී තත්ත්වයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් සටහන් කරමින් ජනප්‍රිය ගායකයා තමන් මුහුණ දී සිටින එම රෝගී තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකර තිබුණා.

Ramsay Hunt syndrome යනුවෙන් හඳුන්වන එම රෝගී තත්ත්වය හේතුවෙන් තමාගේ මුහුණේ අර්ධයක් අප්‍රාණික වෙමින් පවතින බවයි ඔහු එම වීඩියෝවෙන් සඳහන් කර සිටින්නේ.

ඉදිරියේදී තමන් සැලසුම් කර තිබු සජීවී ප්‍රසංග කිහිපයක්ම වෛද්‍ය උපදෙස් මත අවලංගු කිරීමට සිදුවූ බවත්, හැකි ඉක්මනින් නැවත සිය ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි ජස්ටින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

රෝගී තත්ත්වය සුව අතට හැරීමට කෙතරම් කාලයක් ගතවේද යන්න ගැන දැන්ම පැවසීම නොහැකි බව පවසන ඔහු තමන් මුහුණ දී ඇති රෝගී තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ මෙලෙසින්.
 

VIDEO :

https://twitter.com/bieberfever/status/1535368929224593410?s=20&t=Mm1BDWw-2bzbd8tqQHMzYQ