Friday, May 10, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය විනාශ වූ තවත් පැතිකඩක් අනුර හෙළි කරයි




මෙරට ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපෘති හරහා අක්‍රමිකතා සිදුකිරිම බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කුරුණෑගල පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා. 

මේ අතර ලබන 13වනදා සිට 19 දින දක්වා විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. 

ඒ අනුව පොසොන් පොහොය යෙදී ඇති ලබන 14වනදා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. 19වන ඉරිදා දිනද විදුලි කප්පාදුවක් සිදුවන්නේ පැයක කාලයක් සදහා පමණයි.  13 සහ 15 දිනවලත් 16සිට 18වනදා දක්වාත් පැය 02යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.