Thursday, May 9, 2024

General line - 0115112241

මේ මස 15 වෙනිදායින් පසුව ඉන්ධන ලබාදීමේ උග්‍ර වෙනු ඇති




ලබන 15වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්‍රවනු ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ පිරවුම්හල් සදහා ඉන්ධන ලබා ගැනීමට පෙර මුදල් ගෙවන ලෙසට ඛණිජ තෙල් සංස්ථාව කර ඇති ඉල්ලීම අනුව මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි.  

අද දිනයේ ද බොහෝ ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කෙසේවෙතත් තම ප්‍රදේශවල පිහිටි පිරවුම්හල්වල ඉන්ධන තොග ඇතිදැයි සොයාබැලීම සදහා නව  වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. ඵ් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි සී ටී ඵ් ආයතනය ඵක්වයි. 

fuel.gov.lk යන වෙබ් අඩවියට පිවිස තමන් සිටින පළාත, දිස්ත්‍රික්කය සහ නගරය ඇතුළත් කර ඉන් අනතුරුව අවශ්‍ය ඉන්ධන වර්ගය තේරීමෙන් ඉන්ධන තොග එම නගරය ආසන්න පිරවුම්හල්වල ඇත්දැයි දැන ගැනීමට හැකි වනවා. 

ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් දිනපතා උදෑසන 09ට මෙම වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබනවා. අදාළ පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියේ ඇතුළත් වන්නේ එම පිරවුම්හල් සදහා අවශ්‍ය ඉන්ධන තොග රැගත් බවුසර් රථ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් පිටත් වීමෙන් අනතුරුවයි. එමගින් පෝලිම්වල රැදී නොසිට සියළු දෙනාට ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව විශ්වාසය පල කරන්නේ. 

මේ අතර ගෑස් ලබා ගැනීමටද ජනතාව අද දිනයේ දිගු පෝලිම්වල රැදී සිටියා.  ඒ, අද දිනයේද ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බවට ලිට්‍රෝ සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබූ පසුබිමක් තුළයි. එලෙස ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි කිහිපදෙනෙකු මෙලෙස අදහස් පල කළා.