Friday, May 10, 2024

General line - 0115112241

ඩොලර් හිඟයට ග්‍රාමීය වශයෙන් ලබාදිය හැකි විසඳුම් ගැන අනාවරණයක්




රට හමුවේ පවතින ඩොලර් අර්බුදයට ග්‍රාමීය මට්ටමින් ද විසදුම් ලබාදිය හැකි බව ලෝක අබාධිත හා පුනරුත්තාපන විද්වත් වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ආචාර්ය සුජීව වීරසිංහ පැවසුවේ පවතින නීති සංශෝධනය කර ග්‍රාමීයව වගා කරන තෝරාගත් බෝග අපනයනය කිරීමට අවස්ථාව සලසා දීමෙන් එලෙස රටට ඩොලර් ලබාගත හැකි බවයි. 

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දිය හැකිද ? මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආචාර්ය සුජීව වීරසිංහ.