Monday, April 29, 2024

General line - 0115112241

චීන සහල් තවත් දින 10කින් දිවයිනට




චීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන රෙන්මින්බි මිලියන 500 ක වටිනාකමකින් යුත් සහල් තොගයේ පළමු කොටස රැගත් නෞකාව එලෙස ලබන 25 වනදා කොළඹ වරායට ලගාවනු ඇති බවයි. එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වනදා කොළඹ වරායට ලගා වනු ඇති බව ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා 

චිනයෙන් පරිත්‍යාග කෙරෙන අදාළ සහල් තොගය මෙරටට ලැබෙන්නේ කොටස් හයක් ලෙසයි. ඒ අනුව ඉතිරි කොටස් 04 පසුව මෙරටට රැගෙන එනු ඇති. 

මීට අමතරව මෙරට පාසැල් ආහාර වැඩසටහන යටතේ දිවයින පුරා තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා සහල් මෙටි්‍රක් ටොන් 10,000 ක් බෙදාදීමට ද කටයුතු කරන බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.