Monday, April 29, 2024

General line - 0115112241

රුසියානු තානාපති හමුවීමට පක්ෂ 10හේ නායකයින්ගෙන් තීරණයක්




ආර්ථික අර්බුදය විසදා ගැනීම සඳහා මෙරට සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පක්ෂ 11හේ සාමාජිකයින් තීරණය කර තිබෙනවා. 

රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර මෙරටට ලබා ගැනීමට බාධා පවතින්නේ නම් එය විසදා ගැනීමට රජය ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙරට සිටින රුසියානු තානාපතිවරයා කඩිනමින් හමුවී සාකච්ඡා කරන බවයි පක්ෂ 10යේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කළේ.

ඉන්ධන නොමැති වීමෙන් රට පවත්වාගෙන යාමට නොහැකි බවත් ඊට විසදුම් සෙවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර එහිදී සදහන් කළා.

එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද මාධ්‍ය හමුවේ අදහස් පල කළා.