Monday, April 29, 2024

General line - 0115112241

ලිට්‍රෝ සමාගමේ නව සභාපති වැඩ භාර ගනියි : ගෑස් බෙදාහැරිමේ පිළිවෙල ගැන දැනුම් දෙයි




ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ මුදිත පීරිස් අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. ඒඑ ම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදීයි. 

මේ අතර දින 11කට පසු අද දිනයේ ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ වුණා. දින 6ක් මෙරට මුහුදේ තිබූ ගෑස් නෞකාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් 2.5 ක මුදල ඊයේ දිනයේ ගෙවීම හේතුවෙන්. ප්‍රධාන වශයෙන් එම ගෑස් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සුලු ප්‍රමාණයක්ද බෙදා හැරීමටයි එම සමාගම පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් දිවයිනේ සියලු ප්‍රදේශවල පාහේ ගෑස් ලබා ගැනීමට දින ගණනාවක සිට ජනතාව තවදුරටත් පෝලිම්වල රැදී සිටිනවා. 

මේ අතර ඉන්ධන ලබා ගැනීමටද පිරවුම්හල් ආශ්‍රිතවද තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඉන්ධන ලබා දෙනලෙස බලකරමින් අද පෙරවරුවේ ගාලු පාර දෙහිවල ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.