Monday, April 29, 2024

General line - 0115112241

ගාස්තු ඉහල දැමීම ගැන දුම්රිය සාමාන්‍යාධිකාරී කතා කරයි




ඩීසල් මිල ඉහලයාම හමුවේ දුම්රිය ගාස්තු ඉහල දැමීමට රජය අවසර ලබා දෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන මඟීන්ටද සිය රථ වාහන දුම්රිය ස්ථාන ආශ්‍රිතව නතර කිරීමට ඉදිරියේදී පහසුකම් සලසන බවයි. 

මේ අතර කැළණිවැලි මාර්ගයේ වග සහ කොළඹ කොටුව අතර නව දුම්රියක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා. වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.20ට ගමන් ආරම්භ කරන එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙරවරු 08.12ට පැමිණෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසූවේ.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් යලි ගමන් ආරම්භ කරන්නේ පස්වරු 04.00ටයි. එය පස්වරු 05.43ට වග දුම්රිය ස්ථානයට ලගා වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.