Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ කඩුලු 03ක් දැවී යයි




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමමේ වන විට කඩුළු 03 ක් දැවී ලකුණු 78 ක් රැස්කර ගෙන සිටියා. 

පළමු කඩුල්ල ලෙස දැවීගියේ පැතුම් නිස්සංකයි. ඔහු ලකුණු 23 ක් රැස් කළා. ඊට හතරේ පහර 03 ක් ද ඇතුළත්. කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 03 ක් ලබාසිටියදීයි. නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 28 ක් ලබා සිටියදී දැවී ගියා.

මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 21ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, නේතන් ලයන් සහ පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.