Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟයට වැස්සෙන් බාධා




ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. එහෙත් මෙතෙක් තරඟය ආරම්භ කිරීමට හැකි වී නැහැ. ඒ, වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන්. අද පෙරවරුවේද ක්‍රීඩාංගනයට වැසි ඇද හැලී ඇති අතර තද සුළං හේතුවෙන් ක්‍රීඩාංගනයට හානි සිදු වී ඇති බවද වාර්තා වනවා. මේ වන විට ක්‍රීඩා පිටියේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර බොහෝ විට සවස 01ට පමණ තරඟය ආරම්භ වනු ඇති බවටයි පැවසෙන්නේ. 

ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කළා. ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 03ක් දැවී ලකුණු 98 රැස් කරගෙන සිටියා.