Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තානයේ සිට එන හෙරොයින් කාශ්මීරය වනසයි




කාශ්මීරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම භයානක ලෙස වැඩිවෙමින් පවතින බවත්, නව මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ වැඩි වශයෙන් හෙරොයින් භාවිත කරන්නන්, දිනපතා රෝහල් වෙත ගෙන එන ඒම දරැණු ලෙස ඉහළ ගොස් ඇති බවත් වාර්තාවනවා.

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය භාවිතයේ විශාලත්වය පිළිබඳව (AIIMS) ජාතික මත්ද්‍රව්‍ය යැපුම් ප්‍රතිකාර මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කර ගෙන ඇත්තේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ලක්ෂ 6 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය නිසා පීඩාවට පත්ව ඇති බවයි.

මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ මනෝ වෛද්‍යවරයකු,  දිනකට සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගීන් 50 කට අධික සංඛ්‍යාවක් සිය ආයතනයට පැමිණෙන බව අනාවරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන්ගේ ප්‍රවණතාව ද මේ වනවිට වැඩිවෙමින්  පවතින බවත්,  හෙරොයින් වසංගතයක් ලෙස පැතිරගොස් ඇති බවත් ඔහු අනාවරණය කළ බව මාධ්‍ය වාර්තාවල සදහන්.

කාශ්මීරයේ මත්ද්‍රව්‍ය උවදුර මෙලෙස බරපතලවී ඇත්තේ පාකිස්තානයේ සිට රුපියල් කෝටි ගණනින් මත්ද්‍රව්‍ය කලාපයට ප්‍රවාහනය කිරීම බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

 '‘පළමුව, ආයුධ පුහුණුව ලබා දෙන්න, පසුව තරුණයින්ට මත්ද්‍රව්‍ය දෙන්න” යන තේමාව පාකිස්ථානය මෙම කලාපය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටින බවටයි ඉන්දීය බලධාරීන් චෝදනා කරන්නේ.