Friday, May 3, 2024

General line - 0115112241

වසර දෙකකට පසු චීන ජනපති රටන් පිට යයි




චීනය යටතේ පාලනය වන හොංකොං රාජ්‍යයේ විසිපස්වැනි චීන පාලන සැමරුම් සංවත්සරය සඳහා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් චීන ජනපති ෂිං ජිං පිං සහභාගි වූ බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරනවා. 

පසුගිය 30 වැනිදා චීන ජනාධිපතිවරයා හොංකොං රාජ්‍ය වෙත ළඟාවී තිබූ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් රටින් පිට පැවැති ප්‍රදේශයකට ෂිං ජිං පිං ජනාධිපතිවරයා පිටත්ව ගිය පළමු අවස්ථාව මෙය බව සදහන්. 

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ ප්‍රධාන දේශසීමා වසා දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අනතුරුව ඔහු පෞද්ගලිකව මෙවැනි සංචාරයකට එක්වූ යේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්.

එරට දේශ සීමා වසා දමන ලෙසට චීන ජනාධිපතිවරයා නියෝග පැනවූයේ 2020 වසරේ ජනවාරි මාසයේ දීයි. 

එතැන් සිට චීනයෙන් බැහැරව කිසිදු කටයුත්තක් වෙනුවෙන් බාහිර ලෝකය වෙතට යාමට චීන ජනපතිවරයා කටයුතු කළේ නැහැ. 

ඒ අනුව පසුගිය ජූනි 30 වැනි දා ෂෙන්ශෙන් වෙත ළඟා වූ ෂිං ජිං පින් ජනාධිපතිවරයා එක් දිනක් හොංකොං හි ගත කළ අතර එරට රාජ්‍ය නායිකාව වන කැරී ලෑම් ගේ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගි වූ බව සදහන්.

මේ අතර හොංකොං වාසීන්ගේ කොවිඩ් පරීක්ෂණ තවදුරටත් සීඝ්‍ර කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වුණා. 
 
චීන ජනපතිවරයා පැමිණීමට ආසන්න දියන්හිදී කොවිඩ් පරීක්ෂණ දෙදහසක්  දෛනිකව සිදුකළ බව ද සදහන්.