Saturday, May 4, 2024

General line - 0115112241

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කෙරේ




පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ පරිපාලන නිලධාරිණිය තියුණු ආයුධවලින් පහරදි ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ඇය පොළොන්නරුව, තල්පොත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැදි සිටියදී අද අලුයම මෙලෙස ඝාතනය කර ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45 ක විවාහක කාන්තාවක්. 

ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලතිසිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.