Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුධයෙන් අද පාර්ලිමේන්තුවත් උණුසුම්




විශේෂ දිනයක් ලෙස සලකා පාර්ලිමේන්තුව අද රැස් වුණා. ඒ, පසුගිය කාලය තුළ විවිධ හේතු නිසා ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකරන ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදීමටයි. ඉකුත්දා රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූයේ අද දිනයේ විශේෂ දිනයක් ලෙස අද දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමටයි. 

ඒ අනුව අද දිනයේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකරන ප්‍රශ්න 46 ක් න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණා. කෙසේවෙතත් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන අවස්ථාවේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවතින ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

ඉන් අනතුරුව නැගී සිටි සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් පසුව පිළිතුරු ලබාදෙන බවයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.