Saturday, May 4, 2024

General line - 0115112241

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජිවිතක්ෂයට




වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටියි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ජපානයේ, නාරා නගරයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වුවා. 

වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 40 හැවිරිදි වියේ පසුවන එරට සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ හිටපු නිලධාරියෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

67 හැවිරිදි ෂින්සෝ අබේ 2006 වසරේ සිට 2007 වසර දක්වාත්, යළිත් 2012 වසරේ සිට 2020 වසර දක්වාත් ජපානයේ අග්‍රාමා්‍යවරයා ලෙස කටයුතු කළේ වැඩිම කාලයක් එම ධූරයේ කටයුතු කළ පුද්ගලයා ලෙස වාර්තා අතරට ද එක්වෙමින්.