Tuesday, May 7, 2024

General line - 0115112241

ගාල්ල පිරවුම්හලකදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 7 දෙනෙකු අත්අඩංගුවට




ගාල්ල, මාගාල්ල ඉන්ධන පිරවුම්හලකදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම හට ගත්තේ අද අලුයමයි. 

ගැටුමෙන් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබුවා. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. සිද්ධියෙන් මිය ගියේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි උපාධි අපේක්ෂක සරසවි සිසුවෙක්.