Wednesday, May 8, 2024

General line - 0115112241

ලංගම බස් සියයට 90ක් ධාවනයෙන් ඉවතට




ලංගම සේවකයින්ට සිය සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොලැබීම හේතුවෙන් ඩිපෝ රැසක සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං පැවසුවේ ලංගම බස්රථ ධාවනය සියයට 90කින් පමණ අඩාල වී ඇති බවයි. 

ලංගම සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ සිට පෞද්ගලික බස්රථ සඳහාද ඩිපෝ මඟින් ඩීසල් ලබාදීම අඩාල වී තිබුණා. 

එවන් පසුබිමක ජූලි 11 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව 03 වැනි පන්තියේ අවම ගාස්තු රුපියල් 20ක් වනු ඇති. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ද සියයට 40 කින් ඉහළ යාමට නියමිතයි.  දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් සියයට 52 ක් වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබෙනවා. අවසන් වරට දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ 2018 වසරේදීයි.