Saturday, May 4, 2024

General line - 0115112241

කටුනායකට පැමිණි ප්‍රභූ රථ පෙළ කාගේද ? ඇත්ත තොරතුරු මෙන්න




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට හැර යන බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු වාර්තා අසත්‍ය බව අනාවරණ වී තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොලේ තිබූ ගුවන් යානයක් ආසන්නයට සූඛෝපභෝගි රථ කිහිපයක් ගමන් කරන වීඩියෝ පටයක් මුදාහරිමින් සමාජ මාධ්‍ය ඊයේ අනාවරණ කළේ ජනාධිපතිවරයා රටින් පිටව යන බවයි. 

කෙසේවෙතත් නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළා. එහිදී අනාවරණ වුණේ ඉන්දියාවේ සංචාරයක නිතරව සිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය සංචාරය නිමා කර ඊයේ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බවයි. 

ඔහු කැටුව යාමට ආරක්‍ෂකයින් සහිත රථවාහන කිහිපයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා පැමිණි ගුවන් යානය නවතා තිබූ ස්ථානයට පැමිණ ඇති බවත් එහි දර්ශන සමාජ මාධ්‍ය තුල එලෙස සංසරණය වී ඇති බවත් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.