Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන හිඟයෙන් බස් ධාවනය අදත් සීමා වෙයි




ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බස් රථ 500 කටත් අඩු සංඛ්‍යාවක් අද දිනයේ ධාවනය කරන බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දින 4 ක සිට ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙලෙස අඩු බස් රථ සංඛ්‍යාවක් අද දිනයේ ධාවනය කරන බවයි.


ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද පෙරවරුවේ සිය බස් රථවලින් කොටසක් ධාවනයට එක් කර ඇති බවයි. පස්වරුව වනවිට ඉරිදා දිනයකට ධාවනයට එක් කරන බස් රථ ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් යොදවන බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන, පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.


ඉරිදා දිනයක ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව අද පස්වරුවේද ධාවනය එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන, ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ අද පෙරවරුවේ දුම්රිය තුනක් හැර සෙසු දුම්රිය ධාවනයට එක් කළ බවයි.

මේ අතර ගමනා ගමන කටයුතු අඩාලවීමෙන් ප්‍රදේශ රැසකම අද දිනයේ පාලු ස්වභාවයක් ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.