Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන නොමැතිව පොදු ප්‍රවාහනයට දැඩි බාධා




පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස්රථ ධාවනය අද දිනයේ ඉතා අවම මට්ටමකට පත්ව තිබෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ පුද්ගලික බස්රථ 1500 කට අඩු ප්‍රමාණයක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය වෙතද ඉන්ධන ලැබීම මේ වන විට නතර වී තිබෙනවා. ඒ අනුව පවතින ඉන්ධන තොග සීමාවීම සහ ඉන්ධන  ඉල්ලා ඇතැම් සේවකයින් රාජකාරීවලට වාර්තා නොකිරීම යන කරුණු හේතුවෙන් ලංගම බස්රථ ධාවනයද අවම වී තිබෙනවා. සාමාන්‍ය දිනවලට සාපේක්ෂව අද දිනයේ ලංගම බස්රථ ධාවනය වන්නේ සියයට 60ක පමණ ප්‍රමාණයක් බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ෂධක්‍ පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දක්වන ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘතව පැවතියත් බස්රථ ධාවනයේ අඩුවක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.