Wednesday, May 8, 2024

General line - 0115112241

පුස්සැල්ලාව ප්‍රදේශයේ බස්රථ අනතුරකින් දෙදෙනෙක් මරුට - කුපිත වූ පිරිසක් බස්රථයට ගිනි තබයි

රංජිත් රාජපක්ෂ - හැටන් 




පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබූ බස්රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

අදාල බස්රථයේ ඉදිරිපස රෝදයක ඇතිවූ දෝශයක් හේතුවෙන් එහි රියදුරා පස් කන්දක බස්රථය ගැටීමට සලස්වා එය නතර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම අවස්ථාවේ විශාල මගීන් පිරිසක් බස්රථය තුළ රැදී සිට ඇති අතර පා පුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු අනතුරට ලක්ව එම ස්ථානයේදීම මියගොස් සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අනතුර සිදු වීමත් සමග ප්‍රකෝපකාරී වූ පිරිසක් බස්රථයට ගිනි තබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විමර්ශන සිදු කරනවා.