Friday, May 3, 2024

General line - 0115112241

ඉම්රාන් පකිස්තානයම පාරට බස්සයි




උද්ධමනය ඉහළ යාම ඇතුළු කරැණු ගණනාවකට එරෙහිව  රටපුරා විරෝධතා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පාකිස්තානයේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI)  පක්ෂයේ සභාපති හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.

ඉම්රාන් ඛාන් කියා සිටින්නේ,  වත්මන් පාලකයින්ට අවශ්‍ය වී ඇත්තේ ජනතාව අතර භීතිය පතුරවමින් ඔවුන්ගේ හඩ නිහඩ කිරීමට බවයි. 

තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටින ලෙසත් තමා ඊට පෙරමුණ ගැනීමට සූදානම් බවත් ඔහු පවසනවා.

ඒ අනුව රටේ සියලුම ප්‍රධාන නගරවල ජූලි 02 වනදා ආණ්ඩු විරෝධී මහජන රැස්වීම් පැවැත්වීමට ඉම්රාන්ගේ පක්ෂය  කටයුතු යොදා ඇති බව සදහන්.