Monday, April 29, 2024

General line - 0115112241

පොහොට්ටුවේ හදිසි රැස්වීමේදී ගත් තීරණය




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හදිසි රැස්වීමක් අද පස්වරුවේ පවත්වා තිබෙනවා. පුරප්පාඩුවී ඇති ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බවට ප්‍රකාශවීමත් සමඟ එම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වුණේ. 

ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතික තීරණයකට එළඹ තිබෙනවා. 

එම රැස්වීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 47 දෙනෙකු ඊට සහභාගි වී ඇති බවද වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධූරය සඳහා පත්කළ යුතු බවට මීට පෙර මත පළ කළ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද එම සාකච්ඡාවට එක්ව ඇති අතර පක්ෂය විසින් ගනු ලැබූ තීරණයට එම මන්ත්‍රීවරුන් ද එකඟතාව පළ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.