Monday, April 29, 2024

General line - 0115112241

රටවල් 04කට ගුවන් භාණ්ඩ බාර ගැනීම අත්හිටුවයි




අමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රායලය සහ රුසියාව යන රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. 

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. ඉන්ධන සපයා ගැනීමේ අපහසුව හේතුවෙන් රට අභ්‍යන්තරයේ තැපැල් ප්‍රවාහන කටයුතු ප්‍රමාදයකට ලක්ව ඇති බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.