Monday, April 29, 2024

General line - 0115112241

07 හැවිරිදි දරුවෙකු කිඹුලා ඩැහැගෙන යයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල, කණ්ඩලම, කුඹුක්කඳන්වල, දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 07ක කුඩා පිරිමි දරුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දඹුල්ල කණ්ඩලම ඩී.එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. සිද්ධිය වන අවස්ථාවේ එම දරුවාගේ මව, පියා සහ කුඩා දරුවාද දිය නාමින් සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.