Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවටත් අද අලුත් ජනාධිපතිවරයෙක්




ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්දැයි තෝරා ගැනීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම මැතිවරණය ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරලූ මැතිවරණයක් වූයේ ඉන්දිය ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන ද්‍රෞපති මුර්මු, පාලක පක්ෂය විසින් අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමයි. 

ඇය අද ජනාධිපති ධූරයට පත්වුවහොත් ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දිය ජනාධිපති ධූරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇති.

ඉකුත් 18 වනදා ඉන්දිය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වුණා. අද දිනයේ මෙලෙස තෝරා ගැණෙන්නේ එරට 15 වන ජනාධිපතිවරයායි. ඉන්දියාවේ පවතින්නේ නාමික ජනාධිපති ධූරයක්.